පසු­ගිය කාල­යේදී රට පුරා ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක් වූ කඩා­බිඳ දමන ලද කුරු­ණෑ­ගල ඉපැ­රැණි රාජ­සභා මණ්ඩ­පය මේ වන විට කිසිදු වග­කිව යුතු ආය­ත­න­යක අව­ධා­න­යට ලක් නොවී විනා­ශ­යට ලක් වෙමින් පවතී. ඒ ආස­න්නයේ වෙසෙන ජන­තාව පෙන්වා දෙන්නේ මෙම ස්ථානය මේ වන විට රාත්‍රි කාල­යේදී මත්පැන් පානය කර­න්නන්ගේ සහ ගණිකා සේව­නයේ යෙදෙ­න්නන්ගේ තිප්පො­ළක් බවට පත්ව ඇති බවයි. කුරු­ණෑ­ගල රාජ­ධානි සම­යට අයත් බවට සඳ­හන් කර­මින් මෙම ඉපැ­රැණි ස්ථානය කඩා බිඳ දැමීම සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල හිටපු නග­රා­ධි­ප­ති­ව­ර­යෙකු ඇතුළු නගර සභාවේ නිල­ධා­රීන් පිරි­සක් චෝද­නා­වට ලක්වූ අතර එම චෝද­නාව හේතු­වෙන් ඔවුන්ට සිර දඬු­වම් ද හිමි විය. එම සිදු­වී­මට පෙර කිසි­වෙ­කුගේ හෝ අව­ධා­න­යට ලක් නොවී හෝට­ල­යක් සහ මත්පැන් අලෙවි කරන ස්ථාන­යක් ලෙස පව­ත්වා­ගෙන ගිය මෙම ස්ථානය කඩා­බිඳ දැමී­මෙන් පසුව එහි අයි­තිය තමන් සතු බව පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කළේය. එම ස්ථානය ඉපැ­රැණි ස්ථාන­යක් බවත් එය කුරු­ණෑ­ගල රාජ­ධානි සම­යට අයත් රාජ­සභා මණ්ඩ­ප­යක් බවත් කුරු­ණෑ­ගල ජන­තාව පවා දැන­ගත්තේ එය කඩා­බිඳ දැමී­මෙන් පසුව වීමද විශේ­ෂ­ත්ව­යකි.

ඒ අනුව අධි­ක­ර­ණය විසින් ලබා­දුන් නියෝ­ග­ය­කට අනුව ඉපැ­රැණි බව කියන එම ගොඩ­නැ­ඟිල්ල කඩා­බිඳ දමා අලා­භ­හානි කිරීමේ වර­දට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව වෙත රුපි­යල් එක්කෝ­ටි­යක් ඉක්මවූ මුද­ලක් වන්දි­යක් ලෙස ගෙවන ලෙසට හිටපු නග­රා­ධි­ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් පිරි­සට අධි­ක­ර­ණය විසින් නියම කරනු ලැබිණි. ඉන් පසුව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව යට­තට පත්වූ මෙම ගොඩ­නැ­ඟිල්ල සංර­ක්ෂ­ණය කරන බවට එව­කට එම දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි වග­කිව යුතු උසස් නිල­ධා­රීන් ප්‍රකාශ කළද ඒවා හුදු ප්‍රකා­ශ­ව­ලට පම­ණක් සීමා වී ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක්වූ මේ ඉපැ­රැණි ගොඩ­නැ­ඟිල්ල මේ වන විට බර­ප­තළ විනා­ශ­ය­කට ලක්ව ඇත.

මෙම ගොඩ­නැ­ඟිල්ලේ ආර­ක්ෂාව සඳහා හත­ර­වටේ කටු කම්බි ගසා ආව­ර­ණය කර තිබු­ණද ඊට පිවි­සී­මට ඇති ගේට්ටු­වට ඉබ්බෙකු යොදා අගු­ලක් දැමී­ම­ට­වත් පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන නැති බවට අස­ල්වැසි ජන­තාව චෝදනා කරති. එම ගේට්ටුව අගු­ලක් වෙනු­වට ලණු කැබැ­ල්ල­කින් ගැට­ගසා තිබෙන ආකා­රය දැක­ගත හැකි අතර මේ නිසාම බේබදු පුද්ග­ල­යන්ට සහ සලෙළුන්ට එම ස්ථානය පාරා­දී­ස­යක් බවට පත්ව ඇත. කඩා­බිඳ දමන ලද ගොඩ­නැ­ඟිල්ලේ තිබූ ඉපැ­රැණි බව කිව හැකි විශාල ප්‍රමා­ණයේ දැව කඳන් රාශි­යක් අව්වට වැස්සට නිරා­ක­ර­ණය වෙමින් කිසිදු රැක­ව­ර­ණ­යක් නොමැ­තිව එළි­ම­හනේ දිරා යමින් පවතී. කඩා­බිඳ දැමූ ගොඩ­නැ­ඟිල්ලේ ඉති­රිව පව­තින පිවි­සුම් දොර­ටුව සහිත කොට­සද මේ වන­විට තව තවත් විනා­ශ­යට ලක් වෙමින් පව­තින තත්ත්වය දැක­ගත හැකිය. එම ස්ථානය ආස­න්න­යේම දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා බස්රථ නැව­තු­ම්පොළ පිහිටා තිබෙන අතර එම ස්ථානයේ සිටින ජන­තාව ඉවත දමන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු, වීදුරු මත්පැන් බෝතල ඇතුළු නොදි­රන අප­ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක් මෙම ස්ථානය තුළ මේ වන­විට එක්රැස්ව පවතී.

මුළු රටක්ම අවදි කළ මෙම ඉපැ­රැණි ස්ථානය කඩා­බිඳ දැමීම හේතු­වෙන් ඇතිවූ ප්‍රසි­ද්ධිය මූලික කර­ගෙන මෙම ස්ථානය සංචා­ර­ක­යින්ට තොර­තුරු දැන ගැනී­මට මෙන්ම ජන­තා­වට ගිමන් නිවා ගැනී­මට හැකි ස්ථාන­යක් බවට පත්කොට යම් ආදා­ය­මක් සේම කුරු­ණෑ­ගල නග­ර­යට ප්‍රසි­ද්ධි­යක් ලබා­ගත හැකි ස්ථාන­යක් බවට පත් කළ හැකිව තිබු­ණද කිසිදු බල­ධා­රි­යෙ­කුගේ අව­ධා­නය ඒ සඳහා යොමු නොවීම කන­ගා­ටු­වට කරු­ණක් බවද ජන­තාව පෙන්වා දෙති. ඉපැ­රැණි ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා බිඳ දැමීමේ වර­දට වන්දි­යක් ලෙස ගෙවූ රුපි­යල් කෝටි­යක් ඉක්මවූ මුද­ලෙන් මෙම ස්ථානය නැවත යම් ප්‍රමා­ණ­ය­කට හෝ ගොඩ­නැං­වී­මට හැකි­යාව තිබි­ය­දීත් එසේ නොකි­රීම ප්‍රශ්න­යක් බවද ඒ මුද­ලට සිදු වූයේ කුම­ක්දැයි යන්න කුරු­ණෑ­ගල ජන­තාව දැන­ගත යුතු බවද ඔවුහු පව­සති.

කුරු­ණෑ­ගල අති­රේක – පුෂ්ප­කු­මාර ජය­රත්න

Share.
Leave A Reply

Exit mobile version