අද (19) උදෑසන කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ යම්කිසි පිපිරීමක් සිදුව තිබේ.
මේ පිපිරීමෙන් එහි සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත්කර ඇත.
අදාළ පිපිරීමෙන් එහි වහලයට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව ඇති අතර අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ කැකිරාව පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවය.


