අක්කරපත්තුව ප්‍රදේශයේ දී කිඹුලෙකු ඩැහැගෙන ගොස් දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 37 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version