කොටිකාවත්තේ ශ්‍රී නාගරුක්රාම විහාරස්ථානයේ ධාතු මන්දිරය බිඳ රුපියල් 58,000/= ක වටිනා රන් භාණ්ඩ හොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බව වැල්ලම්පිටිය පොලිසිය අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ පන්සල අවට පුද්ගලයෙක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ ඇති බවයි.

විහාර මන්දිරයට ඇතුළු වී ධාතු මන්දිරයේ තිබූ රුපියල් 25000ක් වටිනා රන් මාලයක් සහ රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් පලඳනාවක් එසේ සොරාගෙන ඇති බවයි පොලිසිය අධිකරණයට සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණය දන්වා සිටියා.

Share.
Leave A Reply

Exit mobile version