විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලේඛන සහතික කිරීමේ සේවාවන්, දැනට සීමිත මට්ටමකින් යළි ආරම්භ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
පද්ධතිය හැකි ඉක්මනින් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් සමඟ කටයුතු කරමින් සිටින බව පවසන අමාත්‍යාංශය, පද්ධතියේ පවතින සීමිත ස්වභාවය නිසා සේවාවන් සැපයීමේදී සුපුරුදු කාලයට වඩා වැඩි වේලාවක් ගතවිය හැකි බවයි සඳහන් කරන්නේ.

