නුගේගොඩ, කොහුවල හන්දිය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවය.

පසුගිය 22වනදා නුගේගොඩ මංසන්දිය සහ කොහුවල මංසන්ධිය අතර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ රාත්‍රීයේ මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
 

Share.
Leave A Reply

Exit mobile version