කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.

එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

Exit mobile version