වැඩි මිලට පොහොර ආනයනය කර වාර්ෂිකව රුපියල් කෝටි අසූ දහසක බරක් වත්මන් ආණ්ඩුව ගොවියාගේ හිස මත පට්වා ගල් අඟුරු වංචාවට වඩා බරපතල ගසාකෑමක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා චෝදනා කරයි.

ඇමරිකන් ඩොලර් දෙසිය අනූවට පොහොර මෙට්‍රික් ටොන් එකක් කොළඹ වරායට ආනයනය කිරීමට ලෝකයේ පොහොර නිෂ්පාදනය කෙරෙන රුසියාව, කසකස්ථානය එකගත්වයට පැමිණි ගිවිසුම් තමන් සතුව තිඛෙන බව හෙතෙම පැවැසීය.
මැද පෙරදිග යුදමය වාතාවරණය පවතින රටවලින් පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් අටසියයට ආනයනය කර අවම වශයෙන් ඩොලර් පන්සියයක වැඩිපුර ගෙවා එම මුදල ගොවියාගේ කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙන බව ද සභාපති වරයා කියයි.

වී. තේ, එළවළු, අතිරේක ආහාර භෝග, බඩ ඉරිගු ඇතුළු වගාවට වසරකදී යූරියා ඇතුළු පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ පහක අවශ්‍යතාවයක් පවතින බවත් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් අටසියයට මිලට ගැනීමෙන්වාර්ෂිකව ඩොලර් මිලියන දෙසිය පනහක් වැය කිරීමට සිදුවන බවත් සභාපතිවරයා කීවේය.

අධික මිලට පොහොර ආනයනයෙන් යල කන්නයේ වී අතිරේක ආහාර භෝග, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට යූරියා පොහොර මිටියක් රුපියල් 14500ක ඉහළ මිලකට ද තේ පොහොර මිටියක් රුපියල් 16500ක මිලට ද ගැනීමට ගොවීන්ට සිදුව තිබෙන බව කී සභාපතිවරයා ඉදිරි කන්නයේ සිට මෙරට සමස්ත ගොවීන්ගෙන් සියයට 70 ක් පමණ වගාවෙන් ඉවත්ව යෑමේ අනතුරක් පවතින බව ද පැවැසීය.

Share.
Leave A Reply

Exit mobile version