අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වහාම අඩු කර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව, කෙටි කාලයක් තුළ අත්‍යවශ්‍ය සේවාවන් තුනක (ගෑස්, ඉන්ධන, විදුලිය) මිල ඉහළ දැමීම හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි මානසික සහ ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවත්, රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් අඩාල විය හැකි බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ පෙන්වා දීම් රජය ප්‍රතික්ෂේප කළද, අද වන විට එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා පිට පටවා ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
ලෝකයේ සෙසු රටවල් තම ජනතාවට සහන සලසද්දී, ශ්‍රී ලංකා රජය කරන්නේ ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම බවට ඔහු චෝදනා කරනවා.
එමෙන්ම, පීඩාවට පත් මැද පන්තිය සහ දුප්පත් ජනතාව ඉලක්ක කර ගනිමින් හෙට (07) පාර්ලිමේන්තුවේදී මූල්‍ය සහන පැකේජයක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා.
“රජය පවසන පරිදි මහා භාණ්ඩාගාරය සතුව මුදල් තිබේ නම් සහ රජය ඉහළ ආදායම් ලබා ඇත්නම්, එම මුදල් යොදවා ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කළ යුතුයි,” යනුවෙන් පැවසූ විපක්ෂ නායකවරයා, වරායට ගොඩබාන මිලටම තෙල් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.
#newsforcelkbiznews#newsforcelk#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews
#newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo


