රජයට රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයහමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව
දේශීය අදායම් දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙතපසුගියදා දන්වා සිටියා.
කෙටි කලකින් කෝටිපතිනියක් වුණේ යැයි කියන සම සුදුකරන ලොලියා නැමැති ආලේපන අලෙවි කරන ලෝලියා ස්කින් කෙයා පුද්ගලික සමාගමේහිමිකාරිනි පියුමි හංසමාලි ගෝමස් නැමැති වගඋත්තරකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් පතාඇතැයිද දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණය වෙත දන්වා සිටියා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version