ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරික්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (20) තීරණය කළේය.
දඬුවම් නියම කිරීම ලබන ජුලි මස 22 දා තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.පසුගිය 2014 වසරේ දිනක තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි වෙළදගොඩ පතිරණගේ තිලංක විදූෂ නොහොත් චිලි නැමැත්තා පදිංචිව සිටි නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් පැමිණි අවස්ථාවේ එම නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබිණි.
එහිදි අත්අඩංගුවට ගැනුණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුව ඇපමත මුදාහැර තිබේ. මෙම නඩුව වසර 12 ක කාලයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.


