වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා තමන් විවෘත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝගයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් අද (18) ප්‍රතික්ෂේප කළා.

කූඨලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර විදේශ ගත වූ බවට සැකකරුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සැකකරුට පවසා සිටියේ තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට සිටින නීතිඥවරයා හරහා මෙම ඉල්ලීම සිදු කරන ලෙසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය වුවහොත් අදාළ නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී දන්වා සිටියා.

සිද්දිය සම්බ්නධයෙන් නඩුව විභාගය සඳහා කැඳවනු ලැබූ අතර එහිදී සාක්ෂි ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටි අතර සාක්ෂිකාරියට ඉදිරි දින පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා අවවාද කළා.

නඩුව වැඩිදුර විභාගය සදහා ලබන ජුනි මස 23 කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Share.
Leave A Reply

Exit mobile version