නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සලකට භාණ්ඩ රැගෙන ආ විශාල ප්‍රමාණයක් කන්ටේනර් ලොරි රථයට සිරවී එම ලොරි රථයේ සහයකයා මියගොස් ඇති බව නාවලපිටි පොලිසියේ ස්ථානාධිපති කේ.එම්.කුලතුංග මහතා පැවසීය.
කුරුණෑගල සිට නාවලපිටිය එම සුපිරි වෙළෙඳ සලට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි කන්ටේනර් ලොරි රථයක් එහි ගබඩාට වෙත ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට ධාවනය කිරීමේදී එහි ලොරි සහයකයා කන්ටේනර් ලොරියේ පසුපස ප්‍රදේශයේ සහ ගබඩාවේ බිත්තිය අතර පටු ඉඩෙහි සිරවී එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත් වූ බවත්, මියගිය පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයසැති තරුණයකු බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටී.
ලොරි රථ රියැදුරු සැකපිට නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර. රියැදුරුගේ නොසැලකිලිමත්කම අනතුරට හේතුව බව අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ නිලධාරියකු කියා සිටියේය.

