ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය නැවත දැනුම් දෙනතුරු කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විභාගය පැවැත්වෙන නව දිනය ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

