හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය මීට සුළු වේලාවකට පෙර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය.

91 වන වියේ පසුවූ ලතා වල්පොල මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ඉකුත් 27වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ තැන්පත් කර තිබූ අතර, ඉන් අනතුරුව මෙලෙස බොරැල්ල පොදු සුසාන භූමිය වෙත භූමදාන කටයුතු සිදුකරීම සඳහා රැගෙන එනු ලැබීය.

Share.
Leave A Reply

Exit mobile version