පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන
පවුලේ අනිත් 4දෙනාම විශේෂ අවශ්‍යතා ඇති අය
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි යාපනය කොකුවිල් ප්‍රදේශයේ පාසලක අපොස උසස් පෙළ ගණිත අංශයේ සිසුවකු 29 දා ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
මොහු පරිගණක ක්‍රීඩාටට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටි අයකු වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන්ද ද ඥාතීන් ද ගුරුවරුන් ද අවස්ථා ගණනාවකදී ඔහුට අවවාද කර ඇත.
මියගිය සිසුවා යාපනයේ තෙලිප්පලෙයි වී විමන්කාමන් ගම්මානයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකි. ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්තේ ද පරිගණක ක්‍රීඩාවට අදාළ විශේෂිත ඇඳුමකින් සැරසී බව තෙලිප්පලෙයි පොලිසිය ප්‍රකාශ කළේය.
මියගිය සිසුවා හැරෙන්නට ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හතර දෙනාම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් බවත් පොලිසිය ප්‍රකාශ කළේය.
ගත වූ වසර හතරක කාලයේදී යාපනයේ මේ අන්දමට සිසුන් 7දෙනෙකු පරිගණක ක්‍රීඩාට නිසා සිය දිවි හානි කරගෙන ඇති බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.
මිය ගිය අයගේ මෘත ශරීරය පරීක්ෂණ කටයුතු පිණිස තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇත. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

