දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 04ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අයහපත් කාලගුණය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑම් එල්ල කර ඇති බවයි.

කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, කෑගල්ල, බදුල්ල, මහනුවර, පුත්තලම, කොළඹ, නුවරඑළිය, වව්නියාව, මොණරාගල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.

පුද්ගලයින් 18,376ක් අද (25) උදෑසනවන විට ආපද‍ාවට ලක්ව ඇති අතර, නිවාස අර්ධ හානි 628ක් වාර්තා වන බවයි ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්කොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මෙම පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දාවන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version