2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් උපයා ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව පිටුවක් පෙරළමින්, එක් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූ වැඩිම අගය පසුගියදා වාර්තා වුණා.

ඒ පසුගිය (29) වැනිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි 2,333,797 වැනි සංචාරකයාගේ පැමිණීම සමඟින්.

එය වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර ලෙස සැලකුණු 2018 වසරේ වාර්තාව අභිබවා යමින්.

2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2,333,796ක්.

Share.
Leave A Reply

Exit mobile version