සැලකිලිමත් වන ලෙස දැනුම්දෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන් මෙම තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

එම ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share.
Leave A Reply

Exit mobile version