පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘පීඑන්එස් තායිමූර්’ (‘PNS TAIMUR’) සහ ‘පීඑන්එස් ඇස්ලැට්’ (‘PNS ASLAT’) යන යුද නෞකාවන් ද්විත්වය සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
වරාය පරිශ්‍රයට පැමිණි එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ගෞරව සහිතව පිළිගත් බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.
මෙම සංචාරය සඳහා පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නියාමත් සයීඩ් ඛාන් (NIAMAT SAEED KHAN) කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මතීන් අෆ්රිඩි (NADIR MATEEN AFRIDI) කටයුතු කරනු ලබනවා.
දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවන බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
සම්පූර්ණ පුවත පළමු කොමෙන්ටුවේ…..
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #Pakistan #PakistanZindabad #PakistanNavy #colombo #colombosrilanka


