පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණයේදී තමන්ව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ මුල් තැන්ගෙයි හි සේවකයෝ ඊයේ (27) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ මුල්තැන්ගෙයි කටයුතුවලට බාධා එල්ල වූ බව එම සේවකයෝ පවසති.
පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහපාලක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට විරුද්ධව මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත.
තම වැටුප් ප්රශ්නය විසඳන ලෙස අවස්ථා කිහිපයකදී ගෘහ පාලක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු පියවරක් ගෙන නැති බවට එම සේවකයෝ චෝදනා කරති.
කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියේදී විවිධ වූ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව විරෝධතාවයේ නියැළුණ සේවකයෝ පැවසූහ.


