පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි මස 5 වන දිනට පෙර ලබානොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු වෘත්තිය සමිති පවසයි.

ගුරු වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (22) පෙරවරුවේදී පැවැත්වුණි. 

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙනි. 

මෙහිදී වෘත්තී සමිති ප්‍රකාශ කර සිටියේ දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලීමට සිටියත් එය සිදුනොකළ බවය. 

අග්‍රාමාත්‍යවරිය අද දිනයේදී යම්කිසි මට්ටමකට තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් දීමක් සිදුකළ බවත් ඒ පිළිබඳව සලකාබලන බව ඇය ප්‍රකාශ කළ බවත් ගුරු වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

Exit mobile version