ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බවය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවද දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සිය අපසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙවර යම් ප්‍රමාණයකට ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවය.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා මහතා,
”ඊයේ මධ්‍යම රාත්‍රියේ දී රු 10කින් ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා.. මෙච්චර දවස් දෙමාපියන්ට බරක් නොවී තමා මේක කරගෙන ගියේ.. හැබැයි දැන් නම් වැඩි කරන්න සිද්ධ වෙනවා.. අපි ඒක සියයට ගාණකින් කියන්නේ නැතිව දෙමාපියන්ට බරක් නොවී ඩීසල් වැඩි වෙන ප්‍රමාණයෙන් වැඩි කරගන්න කියලා තමා ඉල්ලා සිටින්නේ.. බොහොම අමාරුවෙන් තමා මේ රැකියාව කරගෙන යන්නේ.. කිහිප අවස්ථාවකම ඩීසල් වැඩිවීම නිසා මේ අවස්ථාවේ දී යම් මුදලකින් ගාස්තු වැඩි කිරීමක් කරන්න සිද්ධ වෙනවා”

