කුලියාපිටිය — newsforce.lk — 2025 අගෝස්තු මාසයේ දිනෙක කුලියාපිටිය පාසල් දරුවන් ප්‍රවාහන කරනු ලබන වෑන් රථයක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයනු ලබන ටිපර් රථයක් මුහුණට මුහුණ අනතුරට ලක්වීමෙන් එම ස්ථානයේ දී පාසල් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්විය.පාසල් දරුවන් රෝහල් ගත කිරිමෙන් පසුව කුලියාපිටිය සුරදූත බාලිකා පාසලේ ඉගනුම ලැබූ දැරියන් දෙදෙක් තම ජීවිතයට සමු දුන්හ.
නමුත් එම අනතුරුට ලක්ව කොළඹ ජාතික රෝහලේ මාස 07කට ආසන්න කාලයක් මරුවා සමග දැඩි සටනක් කල සනාදි ඒකනායක පසුගිය දා අවසන් සුසුම් හෙලීය.
පාසලේ තූර්ය වාදක කණ්ඩායම් නායිකාව වූ සනාදි ගැන කිසිවෙකුට අවදාන නොවූයේ අලුත් අවුරුදු දිනට පෙර දින ඇයගේ සමුගැනීමයි.

පවුලේ එකම දියණිය වු සනාදිගේ වියෝව දරා ගත නොහැකිව ඇයගේ පියාගේ විලාපයත් ඇයගේ මවගේ අවසිහයත් පසුගිය දා මුළු දුම්මලසූරිය නගරයම පුරාම රැව් දුන්හ.

ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිලිප් ශාන්ත ඔහුගේ මුහුණ පොතේ මෙවන් සටහනක් තබා තිබිණි.

” දැන් මේක ඉවරයක් වෙන්න ඕන. මේ ක්‍රමය තවත් ඉස්සරහට යන්න දෙන්න බැහැ. මාර්ග නීති රකින්න රියදුරන්ට උපදෙස් දීල වැඩක් නැහැ. නීති රකින්න පොලීසිය පාරට බස්සල වැඩක් නැහැ. මේ ඔක්කොම අසමත්.මේ කිසිම දේකින්වත් අපේ දරුවන්ගෙ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. තවදුරටත් අපේ දරුවන්ගෙ අහිංසක ජීවිත බිළිගන්න දෙන්නත් බැහැ.
මියගිය දරුවගෙ අප්පච්චි ආයෙත් විලාප දෙනව.මගේ සවන් පතුලට යවුල් පහරක් සේ ඒ විලාපය පහරදෙනව. මට මේ මනුස්සයගෙ විලාපය දරා ගන්න බැහැ. අපි අපේ දරුවන්ගෙ ජීවිත ආරක්ෂා කෙරෙන සමාජයක් නිර්මාණය කර ගන්න ඕන. එහෙම නැතිව සමාජයකට හැඟීම්බර වෙලා බැහැ.”

පුංචි සනාදි වෙනුවෙන් Newsforce.lk අප කණ්ඩායම ද නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version