පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කළින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්ති කූඩුවේ සිට තමන් සිදු කළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළා.
ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නා.
මෙම නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

