සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තොරතුරු ලෙස කටයුතු කරන වෛද්‍ය නිලධාරීවරයා විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරමින් 2013 ජනවාරි 21 සිට 2024 ජූලි 12 කාලය තුළදී පෞද්ගලික ලිපිගොනුව තුළ අනුමත කිරීමේ ලිපිවලින් තොරව18 වරක් විදේශගතව ඇති බව
ජාතික විගණන කාර්යාලය තහවුරු කරයි.
එසේම තාවකාලිකව අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ විදේශගත වූ අවස්ථාවල්වලදීද අදාළ අනුමත කාල සීමාවට පරිබාහිරව ඔහු රටින් බැහැරව ගතකර ඇති බවද විගණනය පෙන්වා දෙයි.
මේ අන්දමට විධිමත් අනුමැතියකින් තොරව ඔහු දිගින් දිගටම විදේශගත වී ඇති බව නිරීක්ෂණය වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුගේ විදේශ නිවාඩුව අවලංගු කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් ඔහු විදේශගතව ඇති බවද විගණනය පවසයි.
නියමිත පරිදි ඔහු විසින් ඉල්ලුම් කරන ලද දිනයට පෙර විදේශගතවීම් සහ ඉල්ලුම් කරන ලද දිනය පසු වී නැවතමෙරටට පැමිණීමේ අවස්ථා විස්සක් වාර්තා වන බවද විගණනය සඳහන් කරන අතර තවදුරටත්
මෙම නිලධාරියාසෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හා උසස් වීම් සඳහා ඉල්ලුම් කරන බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි


