නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපලවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සොරකම් කරන ලද දේපලවලින් කොටසක් ද සමගයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිදුව ඇති අනර්ථය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතයි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

බස් නැවතුම්පළෙහි සුභ සාධක අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

Share.
Leave A Reply

Exit mobile version