රථ වාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල සවි කිරීම සඳහා මුල් පියවර වශයෙන් ඉතා සියුම් කැමරා පන්සියයක් ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැදවා ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ අනුව ක්‍රම ක්‍රමයෙන් මෙම කැමරා මෙසේ ගෙන්වන බව ද එම ප්‍රකාශකයා කීවේය.
මෑතකදී සිටි මාර්ග නීති කඩකරන ඇතැම් රියැදුරන් සහ පොලිස් නිලධාරීන් අතර මත ගැටුම් සිදුවෙන අයුරු නිතර නිතර සමාජ මාධ්‍යවලින් දකින්නට ලැයධන බවත් මෙම කැමරා සව් කිරීමෙන් සැබෑ තතු අනාවරණය විය හැකි බවත් පොලිසිය කියයි.
මෙම කැමරා නිල ඇඳුමේ සව් කිරීමෙන් චීනය කඩන පොලිස් නිලධාරීන් පවා හඳුනා ගැනීමට හැකි බව පොලිස් ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඉදිරි කාලයේදී මෙම කැමරා ක්‍රම ක්‍රමයෙන් මෙරටට ගෙන්වනු ඇත.

