ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් මේ දිනවල සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදුකළ අතර, 2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2482 පරිදි එහි අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස කළින් නියම කර තිබුණේ 2026.05.08 වන දිනයි.
කෙසේ වුවද, 2026.05.15 දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2489 අනුව එම තනතුරු සඳහා අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.06.01 දින දක්වා දීර්ඝ කර තිබේ.
අයැදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත්, අයදුම්කරුවන්ට වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක ඇමතීමට හැකියාව ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
• ස්ථානාධිපති (පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය) : 071-8591925
• කාර්යාලීය දුරකථන අංක : 011-2505202 / 011-2552953


