දෙමුන් බීජ ආනයනය සීයට 93 ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගොස් ඇති ඉහළ ගොස් තිබෙන බවත් දේශීය බීජ නිෂ්පාදනය විඳ දමා බීජ ආනයනය මාෆියාවක් කරගෙන ඇති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
පසුගිය වසරේදී අර්තාපල් එළවළු බඩ ඉරිඟු සහ වෙනත් බීජ සහ රෝපණ ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 13.5ක් [රුපියල් කෝටි 432 ක් පමණ] 2024 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 11.1 පමණද [රුපියල් කෝටි 355 ක් පමණ] ආණ්ඩුවක් වියදම් කර තිබෙන බව ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛන තහවුරු කර ඇති බවද හෙතෙම කීවේය.
එළවළු බීජ ආනයනය ඉහළ අගයක පවතින බවද 2024 වසරේදී එළවළු බීජ මෙට්‍රික් ටොන් 211 ද. අර්තාපල් බීජ අල මෙට්‍රික් ටොන් 773 ද බඩ ඉඟු බීජ මෙට්‍රික් ටොන් 2000 පමණ ද ආනයනය කර තිබෙන බවත්, 2025 වසරේදී එළවළු බීජ මෙට්‍රික් ටොන් 260, බඩ ඉරිඟු බීප් මෙට්‍රික් ටොන් 2500, අර්තාපල් අල බීජ මෙට්‍රික් ටොන් 1000 පමණ ආනයනය කර ඇතැයි සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බව ද සභාපතිවරයා පැවැසීය.

