ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක්  ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 4දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා මගින් සිදු කළ මෙහෙයුමකිනි.

එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවද නාවික හමුදාව පවසයි.
 

Share.
Leave A Reply

Exit mobile version