“කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර චීවරධාරීයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.
අත්අඩංගුවට ගත් චීවරධාරීයා, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.
රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ “හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය පැවසුවේ, තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස සමග පොලිසිය භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබුණේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා බවයි.
අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන් පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් චීවරධාරීන් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන බවට ද මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ චීවරධාරීන් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ.

