මතුගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකු, රාජකාරී නියුතු පොලිස් සැරයන්වරයා සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේදී එය ක්ෂණිකව තල්ලු කර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (08) රාත්‍රී කාලයේදී මෙලෙස පලා ගොස් ඇත්තේ ‘මතුගම ඉද්දගොඩ කට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් සන්තකයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි මොහු සිරමැදිරියේ රඳවා සිට ඇති අතර, එම අවස්ථාවේදී බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගත් වෙනත් අයෙකු සිරමැදිරිය තුළට දැමීම සඳහා නිලධාරියා දොර විවෘත කර තිබෙනවා.

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු නිලධාරියාව තල්ලු කරමින් සිරමැදිරියෙන් එළියට පැන පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

පලායමින් සිටි සැකකරු අල්ලා ගැනීමට රාත්‍රී උපසේවක නිලධාරියා ලෙස රාජකාරී කළ පොලිස් සැරයන්වරයා උත්සාහ කර ඇතත්, එය ව්‍යර්ථ කරමින් සැකකරු අඳුරේ නොපෙනී ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version