බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය අද (21) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
එහි සභාපති ඉංජිනේරු යූ. එල්. අලුතාපල කියා සිටියේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු මෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපථයට අදාළ නොවන සියලු කමිටු රැස්වීම්වලට සහභාගී වීම නොවීමට ද සිය සංගමය තීරණය කළ බවයි.

