නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්රීවරයෙකුගේ පුත්රයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පහර දුන් බව පවසමින් 23 හැවිරිදි තරුණයෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්රීවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු ප්රකාශ කළේ පොලිසිය කළ දැනුම්දීම අනුව තම පුතුන් දෙදෙනා අද පොලිසියට ඉදිරිපත් කරන බවයි.
නුවරඑළිය තුරඟ තරග පිටියේ පැවති සැණකෙළියක් අතරතුර ඊට පැමිණි තරුණයෙකුට මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 17 වනදායි.
පහරකෑමට ලක් වු 23 හැවිරිදි තරුණයා නුවරඑළිය මහ රෝහලේ මේ වන විට ප්රතිකාර ලබන අතර ඔහු ප්රකාශ කලේ නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු කළ බවයි.

