ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එසේම 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මීට පෙර මැයි 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය එම දෙදින තුළ නොපැවැත්වෙන බැවින්, මැයි මස 01 වැනිදාට යෙදෙන පොහොය දිනයේ පමණක් මත්පැන්හල් වසා තැබෙන බව තවදුරටත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, මැයි මාසයේ මැයි 01, 30 සහ 31 යන දින තුනෙහි පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇති.
එලෙස මත්පැන්හල් වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ oicoptroom@excise.gov.lk යන විද්‍යුත් තැපෑල මගින් යොමු කරන මෙන් කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු නිළධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි වැඩිදුරටත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න පවසන්නේ.

