ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කළ විශේෂිත ආසනයක් කඩා බිඳ දමා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට තරග කළ අපේක්ෂකයා වන අවිෂ්ක ඉමේෂ් සේනාධීර සහ ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත නම් මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

Exit mobile version