හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නොමැති බව විදේශ කටයුතු, සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා.
රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්චාක් පැවැත්වුවා.
හෙදියන් රාජකාරී කිරීමේ දී පවතින නීති රාමුව තුළ තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි ඇඳුම් ඇදීමට කිසිඳු නෛතික බාධාවක් නැති බව පෙන්වා දුන් අතර මරණ සම්බන්ධයෙන් කොවිඩ් සමයට පෙර තිබූ අයුරින් ම අවසන් කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛ දැනටමත් නිකුත් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවට නියෝජ්‍ය කථානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් සහභාගි වූණා.
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් මවුලවිවරුන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.


