ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබූ ශ්‍රී ලාංකික අපරාධකරුවන් 60 දෙනෙකු අතරින් හරි අඩක්ම මේ වනවිට උන්හිටි තැන් අත්හැර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.
මේ පිළිබදව රහස් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ අපරාධකරුවන් පිරිස කුමන රටකට පැනගිය ද ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවය. පොළිසියට අවශ්‍ය රතු වරෙන්තුකරුවන් අතර මත්දුව්‍ය ජාවාරමිකරුවෝ වංචනිකයෝ විවිධ අපරාධකරුවෝ ද වෙති.
මේ වනවිට රතු වරෙන්තුකරුවන් හතළිස් දෙදෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.
කවර මොහොතේ හෝ පොලිස් අත්අඩංගුවට පත්වෙන ධව දැනගෙන මෙම අපරාධකරුවන් මෙසේ උන්හිටිතැන් අත්හැර ගොස් ඇතැයි රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

