වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ අටේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, එම කාලසීමාව තුළ සංචාරකයින් 809,595 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම, මේ මාසයේ මුල් දින 15 තුළදී පමණක් මෙරටට සංචාරකයින් 68,961 ක් පැමිණ තිබුණා.
ඒ අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් එනම් 19,822 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

