ඊයේ පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය අද පීලි ගත කොට නැවත කොළඹ බලා ධාවනය කිරීමේදී නැවත පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරු 06.20 ට පමණයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිරවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මේ වන විට කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙනවා.

Share.
Leave A Reply

Exit mobile version