මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32%කට වඩා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

මෙය ප්‍රධාන වශයෙන්ම ආනයන මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරාබදු හරහා රේගුව විසින් එකතුකල බදු නිසා සිදුව ඇති බවයි සඳහන්.

මේ අනූව සැප්තැම්බර් මස අවසානය වන විට බදු ආදායම පෙර වසරට වඩා 32.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,563 දක්වා ළඟා වී තිබෙනවා.

එමගින් මූලික අතිරික්තය රුපියල් බිලියන 1,463 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

2025 වසරේ මුල් මාස නවය තුළ අයවැය හිඟය නාමික වශයෙන් 54.5% කින් අඩු වී රුපියල් බිලියන 441.4 ක් ලෙස සටහන් වුණා.

මෙයට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ ආධාර ඇතුළු රජයේ මුළු ආදායම 31.0% කින් රුපියල් බිලියන 3,834.9 ක් දක්වා ඉහළ යාමයි.

Share.
Leave A Reply

Exit mobile version