රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමග විශේෂ සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක ද නිරතවීමට සූදානම්ව සිටිනවා.

Share.
Leave A Reply

Exit mobile version