ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ අපනයනය සඳහා කංසා (Cannabis) වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

දැනට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන්ද යෝජනා අටක් (8) පමණ ලැබී ඇති බව විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා

කෙසේ වෙතත්, මෙම යෝජනා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට පෙර රජය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙම කංසා ව්‍යාපෘති සඳහා අවසාන එකඟතාවක් තවම ලබා දී නොමැති බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

Share.
Leave A Reply

Exit mobile version