යාල ජාතික වනෝද්‍යානයේ සිටි “ලුකස්” නමින් හැඳින්වූ ප්‍රසිද්ධ කොටියා සපාරි ජීප් රථයක ගැටී සිදු වූ අනතුරක් සිදුව ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක ජනරාල් රංජන මාරසිංහ පවසන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.
එම කොටියා අසලින් ධාවනය වූ බවට විශ්වාස කර සපාරි ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා උද්‍යාන පාලක විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද බව ද සඳහන් වෙනවා.
අදාල සපාරි ජීප් රථයේ රියදුරු වැරදිකරු වුවහොත් වන ජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රියදුරට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විමර්ශන නිලධාරීන් සඳහන් කරනවා.

