වැල්ලවාය සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බවද පොලීසිය සඳහන් කළා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්‌ගෝ වතුයායේදී අද (25) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව වී තිබුණා.
ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විමෙන් වූ කාර්මික දෝශයක් නිසා රියදුරුගේ පාලනයෙන් මිදී රථය ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


