ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා.
ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි.
දේහය උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බදාදායි.
කෙසේ වෙතත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
එහෙත් විමර්ශන නිලධාරීන් පැවසුවේ ඝාතනයේ විමර්ශන මේ වන විට සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර සැකකරුවන් පිළිබද තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි.
වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විටත් තොරතුරු හෙළිවී ඇති බවයි විමර්ශන නිලධාරින් සදහන් කළේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ පත් කෙරුණු පොලිස් කණ්ඩායම් සී.සී.ටී.වී සහ දුරකතන විශ්ලේෂන වාර්තා ඇතුලු තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන සිදු කරනවා.
විමර්ශන නිලධාරීන් පවසන්නේ ක්‍ක්‍ඔඪ දර්ශනවලට අනුව යතුරුපැදිවල අංක තහඩු පැහැදිලිව නොපෙනීම නිසා ඒවායේ හිමිකරුවන් පිළිබඳව තවමත් තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි.


