වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දයා පුෂ්පකුමාර බැට්ටගේ යන අය දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එහිදී, ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා ලෙස,
තමාට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබා ගැනීම,
රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගන්නා බව පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවා එම ඉඩම නීත්‍යනුකූලව පවරා නොගැනීම,
අඩු ආදායම්ලාභී දරුවන්ට බෙදා දීමට බව පවසා නිසි අනුමැතියකින් තොරව රුපියල් 26,025,650 ක මුදලක් වැය කරමින් අභ්‍යාස පොත් මිල දී ගෙන එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම,
ප්‍රාදේශීය සභාව සතු පර්චස් 202 ක පමණ ඉඩමක් රුපියල් 2,000,000 ක වැනි අඩු වටිනාකමකට තම ඥාතියෙකුට බැහැර කර නගර සභාවට පාඩු සිදු කිරීම යන චෝදනා ඇතුලත්.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

