කෙටිකාලයක් තුළ ප්‍රශ්නගත ගල් අඟුරු ආනයනය විගණනය කර ආණ්ඩුවේ සැබෑ තත්වය රටට හෙළි කර ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ සියලුදෙනාම ගල් අඟුරු තුළින් වංචාවක් කර ඇති බවට ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට විගණකාධිපතිවරියට අපි ස්තූතිවන්ත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.04.09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,
“ අද මේ ආණ්ඩුව, පහුගිය කාලයේ තුළම ගල් අඟුරු වංචාවක් සිදුවුණේ නැහැ, ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා ප්‍රකාශ කළා. නමුත් විගණකාධිපතිගේ වාර්තාව පැමිණියාට පසු මේ පිරිසට කටඋත්තර නැතිවී තිබෙනවා. මේ ගල් අගුරු සම්බන්ධව ආණ්ඩුව හොඳන්න ගිහින් ආණ්ඩුවේ ජනාධිපතිගේ සිට සියලුදෙනාම ඇඟේ තවරගෙන අවසන්. ඒ නිසා එහි වූ පාඩුව මේ රටේ සියලූම ජනතාවට අද බෙදලා දෙන්න තමයි මොවුන් සූදානම් වන්නේ. අප්‍රේල් 01 දා සිට විදුලිබිල වැඩිකර 08 වෙනිදා නැවතවරක් 15% න් වැඩිකරන්න ඉල්ලා සිටිනවා. එහි කියනවා ගල් අඟුරුවලින් වූ ධාරිතාව අඩුවූ නිසා අලුතෙන් ඩිසල්වලින් බලාගාර දුවන්න වෙච්ච නිසා වෙච්චි පාඩුව පියවන්න එහි එක කොටසක් යන්න මොවුන් කියා සිටිනවා. දැන් මෙහි සම්පූර්ණ වගකීම භාරගත්ත නම් ජනාධිපතිතුමා ඔවුන් ප්‍රකාශ කරන කම්පැනියෙන් මේ සියලූම පාඩුව පියවාගන්න අවශ්‍යයි. ඒ පාඩුව පියවගන්නෙත් නැහැ , නමුත් එතුමාම ප්‍රකාශ කර සිටිනවා කොටසක් ඒ සමාගමෙනුත්, කොටසක් රජයෙනුත්, කොටසක් ජනතාවගෙනුත් කියලා. දැන් මේ කම්පැනිය රකින්න තමයි මේ පිරිස කටයුතු කරන්නේ. ඒ නිසා අපි ප්‍රකාශ කර සිටිනවා මේ සම්පූර්ණ මුදල ඒ කම්පැණියෙන් අයකරගන්න.
විගණකාධිපතිවරියට අපි ස්තූතිවන්ත වෙනවා කෙටිකාලයක් තුළ ඒ විගණනය කර එය ලබලා දුන්නාට. මේ සියලුම වෙච්චි පාඩුව හරියාකාරව ගණනය කළොත් විශාල මුදලක් වෙනවා. ඒක මේ රටේ ජනතාවට දෙන්නේ නැතිව ඒ කම්පැනියෙන් අයකර, මේ විදුලිබිල වැඩිකරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
මේ රටේ ජනතාව මේ ආණ්ඩුවේ පිරිසට භයේ නොවේ, ඒ වගේම පාරට බහින්නේ නැතිව සිටින්නේ මේ සිංහල අලුත් අවුරුද්ද නිසා කීයක් හෝ සොයාගන්න මිනිස්සු දගලන නිසයි. ඒ නිසා අවුරුද්දෙන් පසු විදුලිබිල වැඩිකළොත් මේ රටේ ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තිබු පුංචි හෝ විශ්වාසයත් නැතිවී යයි.
දැන් ඉතිහාසයේ වැඩිම තෙල් මිල තමයි මේ ආණ්ඩුව පැමිණියාට පසු තිබෙන්නේ. ඩීසල් රුපියල් 600 යි. මේ පිරිස එදා මේ රටට බංකොලොත් කියලා ප්‍රකාශ කළා. නමුත් බංකොලොත් රටේ ඩීසල් රුපියල් 600 ට ගියේ නැහැ. මේ පිරිසට 2024 සැප්තැම්බර් 01 දා ආණ්ඩුව ලබලා දෙන විට එදා සූපර් ඩීසල් රු.352 යි. නමුත් දැන් කීයක් වැඩිකර තිබෙනවාද? පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කරන්න පැමිණි පිරිස 352 ට තිබුණු සූපර් ඩීසල් රු.600 කළා. රු.248 වැඩිකර තිබෙනවා. මේ ආණ්ඩුවේ කළමණාකරණය මේ තිබෙන්නේ. එදා තිබුණට වඩා සෑම තෙල් වර්ගයක්ම වැඩිකර තිබෙනවා. යුද්දේ ඊයේ සිට සති දෙකකට නවත්වා තිබෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා. ඩොලර් 95 ට අඩුවී තිබෙනවා. දැන් එසේනම් ඒ රටවල්වල ගණනටම මෙහෙත් අඩු කළයුතුයි. ලංකාවේ ආණ්ඩුව යුද්ධය තිබෙනවා නම් හොඳයි කියලා හිතනවා. මන්ද මේ පිරිසට බඩු මිල වැඩිකරලා, විදුලිය කපලා යුද්ධය නිසා සිදුවුණා කියලා කියන්න හැකිවෙන නිසා. හිඟන්නගේ තුවාලේ වගේ තමයි ආණ්ඩුව මේ යුද්ධය අල්ලගෙන තිබෙන්නේ. මේ සිංහල අවුරුද්දේ ජනතාවට නෑගම් යන්න හෝ අවුරුදු සමයේවත් තෙල් මිල අඩුකරන්න කියලා ආණ්ඩුවට කියා සිටිනවා.
දැන් තේ දළු කිලෝ එකට රු.21 ක් අඩුවී තිබෙනවා. වැඩිවුණු පොහොරවලට එක මාසයක් සඳහා රු.5000 ක් දීලා උජාරුව කියවනවා. කුඩා තේවතු හිමියෝ විතරක් හාරලක්ෂ අනුහත්දාහක් සිටිනවා. ඒ හැමෝටම මේ තේ මිල අඩුවීම තුළ විශාල පාඩුවක් වී තිබෙනවා. අපි කොච්චර මේ ආණ්ඩුවට කිව්වත් බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ. ඒ නිසා ආණ්ඩුව පාඩමක් ඉගෙනගයි වැඩිදවසක් යෑමට පෙර මේ රටේ ජනතාවගෙන්.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

