2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදු කරනු ඇත.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය සහ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතයේ 29(10) වගන්තිය (සංශෝධිත) ප්‍රකාරව මෙම මහජන උපදේශනය සිදු කරනු ලබයි.
නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් මේ වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා මෙම අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය යෝජනා කරන ලදී

